Grade 9 ශ්‍රේණිය - පාඩම 2

බුදු සිරිතේ අවසන් විසිපස් වස 

    බුදුරජාණන් වහන්සේ අවසන් විසිපස් වසර තුළදී ද දෙව් මිනිසුන්ගේ සුවය සඳහා මහඟු සේවයක් ඉටුකළ සේක. විසි එක්වන වස් කාලයේ සිට හතලිස් හතරවන වස් කාලය දක්වා සැවැත්නුවර ජේතවනාරාමයේ සහ සැවැත්නුවර පුර්වරමයේ වස් විසු උන්වහන්සේ හතලිස් පස්වන අවසන් වස් කාලය ගත කළේ විශාලා නුවර අසල වූ බේලුව ගමේය. සෑම වසරකම ම වස් කාලය අවසන් වීමෙන් පසු පාගමනින් හා සෘද්ධියෙන් දෙව් මිනිසුන් වෙත වැඩම කරමින් ඔවුන්ට යහපත උදාකළ සේක.

      රාජවංශයෙන් පැවිදි වූ බුදුරදුන් කෙරෙහි මහා ජනතාව ඉමහත් ගරු සැලකිලි දක්වන්නට වුහ. දෙව්දත් තෙරුන් හා අන්‍යාගමික පිරිස් මෙය නොඉවසූහ. ඔවුහු බුදුරදුන්ට විවිධ බාධා ඇති කරන්නට වුහ.

     ලෞකික ධ්‍යාන පමණක් ලබාසිටි දෙව්දත් තෙරුන්ට සෝවාන් ආධි මාර්ග ඵල කිසිවක් ලබා ගැනීමට නොහැකිවිය. මගධ රාජ්‍යයේ රජකම් කල බිම්බිසාර රජුගේ පුත් අජාසත්ත පහදවාගෙන පීයා මරා රජවන ලෙස උපදෙස් දුන්නේය. තමා බුදුරදුන් නසා බුදු බවට පත්වන බව ප්‍රකාශ කළේය. නොමග ගිය අජාසත් රජු පියා මරා රජ වුයේය. පසු කලෙක බුදුබණ ඇසීමෙන් පසු තමා කළ වරදෙහි බරපතලකම රජුට වැටහිණි. 

     බුදුරදුන් නැසීම සඳහා දෙව්දත් තෙර නොයෙකුත් උපක්‍රම යෙදිය. එක අවස්ථාවක දුනුවායන් යෙදවීය. සම්බුදුරදුන් සමීපයට ගිය දුනුවායෝ බණ අසා තෙරුවන් සරණ ගියහ. ගිජ්ජකූට පර්වත පාමුල වඩිමින් සිටින විට එම පර්වතයේ සිටි දෙව්දත් මහ ගලක් පෙරලීය. අතරමග ගලක හැපී එම ගල බුදුරදුන්ගේ හිසට නොවැටිණි. ගල් පතුරක් පමණක් වැදී උන්වහන්සේගේ ලේ සෙලවිණි. පසුව නාලාගිරි ඇතුට රා කළ දහසයක් පොවා බුදුරදුන් නැසීමට එවීය. බුදුරදුන්ගේ මහා කරුණාව ඉදිරියේ දණින් වැටුණු එම ඇතු බුදුරදුන්ට නමස්කාර කළේය.

     සම්බුදුරදුන්ට සතුරුකම් කිරීමෙන් ඵලක් නොවන බව සිතූ දෙව්දත් තෙර උන්වහන්සේ වෙත ගොස් කල් ගෙවීය. එහෙත් ටික දිනක් ගිය පසු අලුත මහණ වූ භික්ෂූන් 500ක් නමක් තම බසට හරවා ගනිමින් සංඝභේදය නම් ආනන්තරීය  පාපකර්මය ද සිදුකරගනු ලැබිය. බුදුරජාණන් වහන්සේ පසුව අගසව් දෙනාම යවා නොමග ගිය භික්ෂූන් 500 දෙන නැවත කැඳවා ගත්හ. මෙලෙස දෙව්දත් තෙර කෙතරම් තමන්ට සතුරුකම් කළ ද බුදුරදුන් ඒ සැමවිටම නොසැළී අනුකම්පාවෙන් මෛත්‍රී කළ සේක.

අන්‍යාගමිකයන්ගේ විරුද්ධ ක්‍රියා 
බුදුරදුන්ගේ මහා කරුණාව කෙරෙහි පැහැදුණු අන්‍යාගමික බොහෝ පිරිස් බණ අසා තෙරුවන් සරණ ගියහ. එයින් ලාභ සත්කාර අඩුවන බව දුටු තීර්ථකයන් ඇතුළු අන්‍යාගමික නායකයෝ උන්වහන්සේ අප්‍රසාදයට පත් කිරීමට නොයෙක් උපක්‍රම යෙදූහ.    

No comments:

Post a Comment

Leave your comments